වැසි නැතුව .......
නියගයෙන් පෙළුණු එක .....
කාලයක.....
අයදුවෙමි වැසි වසින......
ලෙස පහස නිවන්නට......
අනෝරා වැසි වැටී....
ගංවතුර ගලන විට....
දිය බිදක් නැති කතර....
සැපක් යයි දැනුනි මට....
ඉරි තලා ගිය බිමට....
වැටෙන ඒ පිනි වැස්ස ....
කොයි තරම් සුව ගෙනෙන....
බව නොදැන මා නැවත....
වැසි නැතිව මහා කතර .....
මැද පිය නගමි තනිව........
වහින කල එක දිගට
ReplyDeleteගලන කල ගංවතුර
අයැදිමුය අපි අපිම
වැසි එපා වැසි එපා...
දවන කල හිරු දියත
අහිමි කල වැහි කඳුළ
අයැදිමුය අපි අපිම
වැසි වසින් වැසි වසින්...
මෙයයි මනු ලොව දහම
පැමිනෙනා එක දිගට
වැහි එපා වැහි එපා
වැසි වසින් වැසි වසින්...
කවත් අගෙයි. අරුතත් අගෙයි.
බොහොමත්ම ස්තුතියි අසෙනි....මේ කවට වස්තු බීජය ලබා දුන්නේ ඔබයි...:)
Deleteහ්ම්ම්, යථාර්තය තමයි! පද වැල් ලස්සණ යි, ආගන්තුකයෝ. මෙන්න මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. කොමෙන්ටුවක් දාන්න සෑහෙන්න අමාරු යි නැත්තං :(
ReplyDeleteහරි....බොහොමත්ම ස්තුතියි......
Deleteහ්ම්ම්ම්ම් ලස්සනයි. අදතමයි අහම්බෙන් ගොඩ වැදුනේ.
ReplyDeleteබොහොම ස්තුතියි කෝරලේ මහත්තයෝ
Deleteගං වතුර ගලන කල නැති වුණත් සේසතම
ReplyDeleteතව තවත් තව තවත් වැසි වසී යයි පැතුම
පිය නැගුම තුල කතර,මියෙන බව දැන දැනම
නොවෙද එය, වැදගත්ම?
කවිය ලස්සනයි සබඳ