Saturday, November 30, 2013

අපි අකුරට මැලි නොවෙමු...

ස්ථානය හින්නාරන්ගොල්ල විද්‍යාලය බොරලන්ද

ලියෝවරයෙක් උනාට පස්සේ මට සහබාගි වෙන්න ලැබුණු පලවෙනි ව්‍යාපෘතිය.."අපි අකුරට මැලි නොවෙමු"..
හින්නාරන්ගොල්ල කියන්නේ දුෂ්කර පැත්තක තිබුණු ලස්සන පොඩි ස්කෝලයක්..ස්කෝලෙට යන්න මහ පාරේ ඉදල ටික දුරක් පයින් යන්න ඕනේ..අපට මේ පාසැල ගැන කිව්වේ අපේ ලියෝ සමාජේ හොදම ලියෝ කෙනෙක් වෙන සජිත් අය්ය..ඉතින් මොරටුව විශ්ව විද්‍යාලිය  ලියෝ සමාජේ මමත් ඇතුළුව  සාමාජිකයන් ටිකක් ඒ ඔස්සේ මේ පාසලට යනව..සැහෙන දුරක් පයින් ඇවිදගෙන ගිහින් අපි ස්කොලෙට ආව..අපිව පිළිගත්තේ පාසලේ ගුරුවරයෙක් වුනු ස්වාමින් වහන්සේ නමක්..ඒ සුහද පිළිගැනීමෙන් පස්සේ අපි අපේ සම්මන්ත්‍රණය පටන් ගන්න ගියා...අපිට එකට ලැබුනේ පාසලේ විද්‍යාගාරය..අපි යද්දී අහිංසක මුණු 25ක් විතර අපි දිහා බලන් හිටිය..ඉතින් අපි අපේ වැඩේ පටන් ගත්ත...
                 ගණිතය ප්‍රශ්න පත්තරයක් දීල එක ඒ ළමයින්ට කරන්න කිව්ව..එදා වෙන සම්මන්ත්‍රණ වලට වැඩ ලොකු වෙනසක් තිබුන...ඒ වෙනස අපේ හිතට තදින්ම දැනුන..ස්කොලෙන් විතරක් ඉගෙන ගන්න ඒ පොඩි කොල්ලෝ කෙල්ලෝ ටික ඉගෙන ගන්න දරන මහන්සිය දැක්කම මටත් ඇතුළු හැමෝටම දැනෙන්න ඇත්තේ පුදුම සතුටක්..තමන්ට අමාරු හැම ප්‍රශ්නයක්ම අපට කතා කර කර අහගනිද්දී ,කියල දුන්නට පස්සේ හරි අය්යේ තේරුණා කියල අහිංසක විදිහට හිනා වෙද්දී මමත් එක්ක ගිය හැම අය්ය කෙනෙක්ගෙම හිතේ ඇතිවෙන ඒ සතුට මුණු වලින්ම පෙනුන..විවේකය දීල කෑමට  එන්න කියද්දීත් අය්යලා ඒ ළමයින්ට ඉගැන්නුවේ ඒ සතුට නිසාම වෙන්න ඇති..
              විවේකය දුන්න...අපි බලාපොරොත්තු නොවුනත් ගුරුවරු අපට දවල් කෑම වෙලත් හදල තිබුන.ඒ වෙලාවේ එදා නිවාඩු පිට හිටපු විදුහල්පතිතුමත් පාසලට ඇවිත් තිබුන.අපි අයෙමත් පටන් ගත්ත..අපිට වෙලාව යනවා දැනුනේ නෑ...නගරයේ තියෙන ස්කොලෙක කළා නම් 1.30ට ටියුෂන් පන්ති දුවන්න බලා හිටියත් මේ පොඩි උන්ට එහෙම ප්‍රශ්නයක් තිබුනේ නෑ..කකුල් දෙකට සපත්තු දෙකක් දාන්න තරම් වත්කමක් නැති මේ අහිංසකයන්ට අපිට පුළුවන් උපරිම දේ අපි දුන්න..4.30 වෙනකල් ඒ පොඩි එවුන්ගේ දැනුමට මොකක් හරි දෙයක් එකතු කරන්න අපි ලොකු  මහන්සියක් ගත්ත.
                  සම්මන්ත්‍රණය ඉවර වෙලා පාසලේ විද්‍යාව ගුරුතුමා අපිත් එක්ක පොඩ්ඩක් කතා කලා.ඒ කියපු සමහර දේවල් වලට හිත කිරි ගැහිලා ගියා.."පුතේ කවදාවත් කැම්පස්  එකකින් ඇවිත් මේ ළමයින්ට  මෙහෙම වැඩසටහනක් කරලා නෑ..එයාල අද හරි සතුටින් ඉගෙන ගත්තේ..පුළුවන් නම් හැම අවුරුද්දෙම මෙහෙම ඇවිත් මේ දරුවන්ට මොනවා හරි කියල දෙන්න...පුළුවන් නම් දවස් දෙක තුනක් හරි.අපි හරිම දුප්පත් ස්කෝලයක්..අපිට පුළුවන් හැටියට ඔයාලට පහසුකම් සපයන්නම්.."..මට දැනුනු දේ තමයි ටියුෂන් පන්ති වලට ළමයි ගෙන්න ගන්න ස්කොලේ උගන්නන්නේ නැතුව ඉන්න ගුරුවරු ඉන්න රටේ මේ සර්ගේ අවංක කම මහ මෙරක් කියන එක..අපි ස්කොලෙන් එන්න යද්දී අර පොඩි එවුන් පෝලිමට ඇවිත් අපිට වදින්න හැදුව..මගේ ඇස වලට කදුළු පිරුන..එක දවසක් ඇවිත් මෙහෙම උදව් කලට පුංචි උනත් මේ කොල්ලෝ කෙල්ලෝ ටිකගේ හදවතේ තිබුන ගෞරවය ඒ  හිත්වල පිරිසිදු කම ගැන මට පුදුමත් හිතුන..එක පුංචි කෙල්ලෙක් අයය කෙනෙක්ගෙන් අහල තිබුනේ අය්යේ හෙටත් එනවද කියල..ස්කොලෙන් එලියට බැහැපු අපි හැමෝගෙම හිතේ එක බලාපොරොත්තුවක් තියෙන්න ඇති...මොන දේ කැප කරලා හරි පුළුවන් හැම වෙලාවකම මේ වගේ දුෂ්කර පළාත් වල ඉන්න අහිංසක  කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ කියන හැගීම..වචනයෙන් කියාගන්න බැරි දේවල් ගොඩක් හිතේ හංගගෙන අපි ඒ ස්කොලෙන් පිටත් උනා....ඒ ඊලග අවුරුද්දේ මිට වැඩ 1000 ගුණයකින් සාර්ථකව මේ වැඩේ කරනවා කියල හිතාගෙන...එක අපි වෙනුවෙන් නෙවෙයි..ඒ අහිංසක පොඩි එවුන් වෙනුවෙන්...

ඒ seminar එක ගැන..මේ මට පස්සේ කල්පනා කරද්දී හිතට ආපු දේවල්..ලංකාවේ පහුගිය දවසක චෝගම්ද මොකක්ද පිස්සුවක් තිබුන...ඕකට කොටි ගණන් දීල වාහන ගෙන්නුවා..ඒ වියදම් කරපු සල්ලි වලින් අර වගේ අහිංසක පොඩි එවුන් කි දෙනෙක්ගේ  ඇස පාදන්න තිබුනද ????අදිවේගී මාර්ග හැදුවට වත් airport හදුවටවත් රටක සංවර්දනය කියන්න බෑ...එකට මේ වගේ දුෂ්කර පාසල් දියුණු කරන්න ඕනේ..ඒවාට පොඩි හරි උපකාරයක් කරන්න ඕනේ..අපට තේරෙන ඒ දේ ඇයි මේ රටේ ලෝකුයි කියල කියා ගන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ??? මම හිතාගත්ත එක දෙයක්..මට රට වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්...මම වෙනස් වෙනවා..මට පුළුවන් විදිහට මම උදව් කරනවා..බ්ලොග් එක බලන අයගෙන් එක ඉල්ලීමක් කරන්න ඕනේ..පුළුවන් නම් ගිහින් බලන්න ඒ වගේ දුෂ්කර පැත්තක ස්කෝලෙකට.ගිහින් බලන්න.ඒ ළමයින්ට අඩු පාඩු වලට පොඩි හරි උදව්වක් උපකාරයක් කරන්න....මම නවතින්නම්...මිට ආගන්තුකයා....  

6 comments:

  1. කරල තියෙන පිංකම නම් අපූරුයි.අගෙයි. චූටි කාලෙ අපේ අම්ම කියල තියෙනව අපිට හැකි තරමින් කරන්න පුලුවන් ලොකුම පිංකම තමයි, නොදන්න කෙනෙක්ට නොදන්න දෙයක් අවැඩක් නොවෙන විදියට කියල දෙන එක කියල. ඒ නිසයි පිංකම කියල කිව්වෙ.

    "මම වෙනස් වෙනවා. මට පුළුවන් විදියට මම උදව් කරනවා."

    හදවතින්ම සුභ පතනවා!!! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අසෙනි......

      Delete
  2. ලියෝ වැඩක් එල එල
    "මට රට වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්...මම වෙනස් වෙනවා..මට පුළුවන් විදිහට මම උදව් කරනවා.."

    මුලින්ම උබටම කියලා සබන් කැල්ලක් හරි ගනින්කො බලන්ඩ...
    එතකොට අපි පිලිගන්නවා උබ රට තියා අපිට හරි කරදරයක් නැතුව ඉන්නවා කිලා :D

    ReplyDelete
    Replies
    1. අඩෝ එකත් ඇත්ත...සබන් කැල්ලක් ගන්න ඕනේ තම...:P

      Delete
  3. මම වෙනස් වෙනවා..මට පුළුවන් විදිහට මම උදව් කරනවා.
    ගොඩ කාලෙකින් අහපු වටිනා කතාවක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අය්යා....

      Delete