Sunday, July 27, 2014

-.....නොලියූ කවිය...-

ගත්තත් පැන අතට
නොලියවෙයි කවි පද
හිදින කල අදහස් නැතුව
ලියමි නොලියන කවිය....

හමන සුළගට සැරට
විසිකලෙමි ලියු කවි පද
විසුල කොළ හැම තැනම
විහිලු කොරනව මටම...

ෆැන්ටසිය තුල හිදම
පද බැදපු මතකයට
යන්න ආස මුත් මට
පාර අමතකද කොහෙද....

Thursday, December 26, 2013

ලෝකෙන් උතුම් රට ලංකාවයි

චෝගම්ද තිබිණ
Benz රථ ලැබිණ
සරසවිය වැසිණ
අපි ගෙදර එවිණ 

                                                                                       කෑම ටික නැතුව
                                                                                       හිගා කා වුවද
                                                                                       sex සොයා සැරිය 
                                                                                       පළමු තැන අපිය



අගමැතිය කුඩුය 
ඉතිරි උන් බඩුය 
කොළ පිලත් නිදිය
රතු පිලත් නිදිය
                                                                            
                                                                                      වැඩිපුර ලැබේනම්
                                                                                      ප්‍රතිපත්ති මොටද  සායම්
                                                                                      නැත උන්ට පාලම්
                                                                                      පනී එගොඩටම රෙදි නැතත්  මුන් නම් 



මැන්ඩෙලා මැරිලා
ඉතින් මට පුකද??
වොකරුත් මැරිලා
හපොයි මල කෙලිය


                                                                                       බේබි රථ පදී  නම් 
                                                                                       uniform කුමට තොපිටනම්
                                                                                       තියෙන එක ඇදගන්
                                                                                       පාන් බැරිනම් කේක් කාපන් 


රට යන පැත්ත 
බොහෝ නරකයි පුත 
රට කරන හැත්ත 
කටින් මිස උන් වැඩක් නම්  නැත   
                                                                                   
                                                                                         වෙන්නැති වැඩ කියා
                                                                                         බල්ලන් හදට උඩු බුරා
                                                                                         ටිල්වින් අය්යලා
                                                                                         මුලාවෙන් කෑ ගසයි හඩ  නගා 

ලියුවත් කවි පද 
හිතට හරි නැත පුත
සුදු වෑන් හෙට දින
සොයා ඒවිද නොම දැන 
                                                                                            මනාපය දුන්න නම්
                                                                                            කට වහන් හිටපන්
                                                                                            ඇස පියා කන් වසා
                                                                                            නිදියගමු අපි දැන්  


 (මම දේශපාලනය අප්‍රිය කරමි.කුමන පක්ෂයක වුවද වැඩක් නැත.ඔක්කොම බොරු කාරයෝය.කිරීමට ඇත්තේ අපිට පුළුවන් ටික රටට කර මිය යාම පමණි)

Saturday, November 30, 2013

අපි අකුරට මැලි නොවෙමු...

ස්ථානය හින්නාරන්ගොල්ල විද්‍යාලය බොරලන්ද

ලියෝවරයෙක් උනාට පස්සේ මට සහබාගි වෙන්න ලැබුණු පලවෙනි ව්‍යාපෘතිය.."අපි අකුරට මැලි නොවෙමු"..
හින්නාරන්ගොල්ල කියන්නේ දුෂ්කර පැත්තක තිබුණු ලස්සන පොඩි ස්කෝලයක්..ස්කෝලෙට යන්න මහ පාරේ ඉදල ටික දුරක් පයින් යන්න ඕනේ..අපට මේ පාසැල ගැන කිව්වේ අපේ ලියෝ සමාජේ හොදම ලියෝ කෙනෙක් වෙන සජිත් අය්ය..ඉතින් මොරටුව විශ්ව විද්‍යාලිය  ලියෝ සමාජේ මමත් ඇතුළුව  සාමාජිකයන් ටිකක් ඒ ඔස්සේ මේ පාසලට යනව..සැහෙන දුරක් පයින් ඇවිදගෙන ගිහින් අපි ස්කොලෙට ආව..අපිව පිළිගත්තේ පාසලේ ගුරුවරයෙක් වුනු ස්වාමින් වහන්සේ නමක්..ඒ සුහද පිළිගැනීමෙන් පස්සේ අපි අපේ සම්මන්ත්‍රණය පටන් ගන්න ගියා...අපිට එකට ලැබුනේ පාසලේ විද්‍යාගාරය..අපි යද්දී අහිංසක මුණු 25ක් විතර අපි දිහා බලන් හිටිය..ඉතින් අපි අපේ වැඩේ පටන් ගත්ත...
                 ගණිතය ප්‍රශ්න පත්තරයක් දීල එක ඒ ළමයින්ට කරන්න කිව්ව..එදා වෙන සම්මන්ත්‍රණ වලට වැඩ ලොකු වෙනසක් තිබුන...ඒ වෙනස අපේ හිතට තදින්ම දැනුන..ස්කොලෙන් විතරක් ඉගෙන ගන්න ඒ පොඩි කොල්ලෝ කෙල්ලෝ ටික ඉගෙන ගන්න දරන මහන්සිය දැක්කම මටත් ඇතුළු හැමෝටම දැනෙන්න ඇත්තේ පුදුම සතුටක්..තමන්ට අමාරු හැම ප්‍රශ්නයක්ම අපට කතා කර කර අහගනිද්දී ,කියල දුන්නට පස්සේ හරි අය්යේ තේරුණා කියල අහිංසක විදිහට හිනා වෙද්දී මමත් එක්ක ගිය හැම අය්ය කෙනෙක්ගෙම හිතේ ඇතිවෙන ඒ සතුට මුණු වලින්ම පෙනුන..විවේකය දීල කෑමට  එන්න කියද්දීත් අය්යලා ඒ ළමයින්ට ඉගැන්නුවේ ඒ සතුට නිසාම වෙන්න ඇති..
              විවේකය දුන්න...අපි බලාපොරොත්තු නොවුනත් ගුරුවරු අපට දවල් කෑම වෙලත් හදල තිබුන.ඒ වෙලාවේ එදා නිවාඩු පිට හිටපු විදුහල්පතිතුමත් පාසලට ඇවිත් තිබුන.අපි අයෙමත් පටන් ගත්ත..අපිට වෙලාව යනවා දැනුනේ නෑ...නගරයේ තියෙන ස්කොලෙක කළා නම් 1.30ට ටියුෂන් පන්ති දුවන්න බලා හිටියත් මේ පොඩි උන්ට එහෙම ප්‍රශ්නයක් තිබුනේ නෑ..කකුල් දෙකට සපත්තු දෙකක් දාන්න තරම් වත්කමක් නැති මේ අහිංසකයන්ට අපිට පුළුවන් උපරිම දේ අපි දුන්න..4.30 වෙනකල් ඒ පොඩි එවුන්ගේ දැනුමට මොකක් හරි දෙයක් එකතු කරන්න අපි ලොකු  මහන්සියක් ගත්ත.
                  සම්මන්ත්‍රණය ඉවර වෙලා පාසලේ විද්‍යාව ගුරුතුමා අපිත් එක්ක පොඩ්ඩක් කතා කලා.ඒ කියපු සමහර දේවල් වලට හිත කිරි ගැහිලා ගියා.."පුතේ කවදාවත් කැම්පස්  එකකින් ඇවිත් මේ ළමයින්ට  මෙහෙම වැඩසටහනක් කරලා නෑ..එයාල අද හරි සතුටින් ඉගෙන ගත්තේ..පුළුවන් නම් හැම අවුරුද්දෙම මෙහෙම ඇවිත් මේ දරුවන්ට මොනවා හරි කියල දෙන්න...පුළුවන් නම් දවස් දෙක තුනක් හරි.අපි හරිම දුප්පත් ස්කෝලයක්..අපිට පුළුවන් හැටියට ඔයාලට පහසුකම් සපයන්නම්.."..මට දැනුනු දේ තමයි ටියුෂන් පන්ති වලට ළමයි ගෙන්න ගන්න ස්කොලේ උගන්නන්නේ නැතුව ඉන්න ගුරුවරු ඉන්න රටේ මේ සර්ගේ අවංක කම මහ මෙරක් කියන එක..අපි ස්කොලෙන් එන්න යද්දී අර පොඩි එවුන් පෝලිමට ඇවිත් අපිට වදින්න හැදුව..මගේ ඇස වලට කදුළු පිරුන..එක දවසක් ඇවිත් මෙහෙම උදව් කලට පුංචි උනත් මේ කොල්ලෝ කෙල්ලෝ ටිකගේ හදවතේ තිබුන ගෞරවය ඒ  හිත්වල පිරිසිදු කම ගැන මට පුදුමත් හිතුන..එක පුංචි කෙල්ලෙක් අයය කෙනෙක්ගෙන් අහල තිබුනේ අය්යේ හෙටත් එනවද කියල..ස්කොලෙන් එලියට බැහැපු අපි හැමෝගෙම හිතේ එක බලාපොරොත්තුවක් තියෙන්න ඇති...මොන දේ කැප කරලා හරි පුළුවන් හැම වෙලාවකම මේ වගේ දුෂ්කර පළාත් වල ඉන්න අහිංසක  කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ කියන හැගීම..වචනයෙන් කියාගන්න බැරි දේවල් ගොඩක් හිතේ හංගගෙන අපි ඒ ස්කොලෙන් පිටත් උනා....ඒ ඊලග අවුරුද්දේ මිට වැඩ 1000 ගුණයකින් සාර්ථකව මේ වැඩේ කරනවා කියල හිතාගෙන...එක අපි වෙනුවෙන් නෙවෙයි..ඒ අහිංසක පොඩි එවුන් වෙනුවෙන්...

ඒ seminar එක ගැන..මේ මට පස්සේ කල්පනා කරද්දී හිතට ආපු දේවල්..ලංකාවේ පහුගිය දවසක චෝගම්ද මොකක්ද පිස්සුවක් තිබුන...ඕකට කොටි ගණන් දීල වාහන ගෙන්නුවා..ඒ වියදම් කරපු සල්ලි වලින් අර වගේ අහිංසක පොඩි එවුන් කි දෙනෙක්ගේ  ඇස පාදන්න තිබුනද ????අදිවේගී මාර්ග හැදුවට වත් airport හදුවටවත් රටක සංවර්දනය කියන්න බෑ...එකට මේ වගේ දුෂ්කර පාසල් දියුණු කරන්න ඕනේ..ඒවාට පොඩි හරි උපකාරයක් කරන්න ඕනේ..අපට තේරෙන ඒ දේ ඇයි මේ රටේ ලෝකුයි කියල කියා ගන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ??? මම හිතාගත්ත එක දෙයක්..මට රට වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්...මම වෙනස් වෙනවා..මට පුළුවන් විදිහට මම උදව් කරනවා..බ්ලොග් එක බලන අයගෙන් එක ඉල්ලීමක් කරන්න ඕනේ..පුළුවන් නම් ගිහින් බලන්න ඒ වගේ දුෂ්කර පැත්තක ස්කෝලෙකට.ගිහින් බලන්න.ඒ ළමයින්ට අඩු පාඩු වලට පොඩි හරි උදව්වක් උපකාරයක් කරන්න....මම නවතින්නම්...මිට ආගන්තුකයා....  

Wednesday, November 20, 2013

පිනි වැස්ස සහ කතර

වැසි නැතුව .......
නියගයෙන් පෙළුණු එක .....
කාලයක.....
අයදුවෙමි වැසි වසින......
ලෙස පහස නිවන්නට......

අනෝරා වැසි වැටී....
 ගංවතුර ගලන විට....
දිය බිදක් නැති කතර....
සැපක් යයි දැනුනි මට....






ඉරි තලා ගිය බිමට....
වැටෙන ඒ පිනි වැස්ස ....
කොයි තරම් සුව ගෙනෙන....
බව නොදැන මා නැවත....
වැසි නැතිව මහා කතර .....
මැද පිය නගමි තනිව........

Wednesday, November 6, 2013

මනුසත්



නිදන් දියණිය....
සුවෙන් සැතපී....
කුරිරු හීනය නිමා වෙනු ඇත....
වෙඩි හඩින් පිරුණු දෙසවන් ....
නැලවිලි ගියෙන් පිරි යනු ඇත....
ගිනි අවිය හුරු මාගේ දෑතට....
නුබේ බර මහ මෙරක් වනු ඇත...
ලෙයින් තෙත් වූ...
මේ බිමේ මනුසත් බවත් ඇති බව පසක් කර....
කදුළු සලනෙමි....
නොපෙනෙනා ලෙස...
දියණියේ ඔබේ ගත තුරුල් කර...

Wednesday, October 9, 2013

ආගන්තුකයාගේ ආගමනය

exam කට ලග..ලියන්න මොන්ව හිතුනත් බෝඩිමේ එකාල ඇක දාද්දි මටත් මොනා හරි කරන්න හිතෙනො..හ්ම්ම්ම්ම්ම්ම්ම්....එනකොට හිතන් ආපු විදිටම කරනව..බ්ලොග ලියන්න පටන් ගත්ත නිසා කවියක් වත් ලියල තියල යන්නම්..

සියක් ගව්...
දුරින් සිටියද.....
ඔබ දෑස මානයේ....
තාමත් පුන්චි පුතු මම...
වෙතට යන විට ඔබ..
නැගේ කදුලක් දෑසට...
විසි දෙවසරක් ගත උනත්....
තවමත් ඔබේ උකුල තරම්...
සුව යහනක් නොවේ මට...
අම්මේ ඔබෙන් තරම් නොලදෙමි....
ප්‍රේමයක්....
අප්පච්චී නුබෙන් තරම්....
නොලදිමි....
රැකවරනයක්...
නැවත එනතුරු ඔබ ලගට.....
රැගනිව් දෙවියනේ.....
මගේ ඉටු දෙව් දෙපල.....



ගොඩක් පාලුඉ අම්මයි අප්පච්චි නැතුව..ඒත් මොනව කරන්නද???දැන් ඇති..වැඩක් කොරගන්නත් එපැයි..එහෙනම් මම කැපුනාවෙ..ආයෙ එන්නම්..හොද ටිකක් අරන්..හදිස්සියට ලිව්වෙ..පලවෙනි දවසෙ මොකුත් දැම්මෙ නැත්නම් අවුල් නිසා.... bye වේවා.

ඔන්න මමත් බ්ලොග් ලියනවෝ.............

ඔන්න ඉස්සෙල්ලම ගයියට පින් දීලම බ්ලොග් එක ලියන්න පටන් ගන්නො.ඌ තමා library එකේ ඉදල මේක ඔලුවට දැම්මෙ..විබාගෙට තව සති 2යි..ඒක ඉවර වෙලා වැඩ පටන් ගන්න හිතාන ඉන්නෙ..බලමුකො හොද එව්ව ටිකක් දාන්ට..පුලුවන් වෙලාවත ලියන්නම්..ඇවිත් බලල යන්ට..

අන්තිමේදී මම ජිවිත කාලෙම   ජිවත් උන ඉසව්වක ආගන්තුකයෙක් උනා..කොහොම හරි මේ පරිසරය ආයේ මත්  මගේ කරගන්න ඕනේ..ඒකට තනියෙම පාර  හොයාගෙන මේ ආගන්තුකය පියනගාවී..පාරේ වල ගොඩැලි තියෙයි..ඒත් ආපු පාරත් එක්ක බලද්දී ඒවා දිනන්න පුළුවන් වෙයි..බලමු..