Wednesday, November 6, 2013

මනුසත්



නිදන් දියණිය....
සුවෙන් සැතපී....
කුරිරු හීනය නිමා වෙනු ඇත....
වෙඩි හඩින් පිරුණු දෙසවන් ....
නැලවිලි ගියෙන් පිරි යනු ඇත....
ගිනි අවිය හුරු මාගේ දෑතට....
නුබේ බර මහ මෙරක් වනු ඇත...
ලෙයින් තෙත් වූ...
මේ බිමේ මනුසත් බවත් ඇති බව පසක් කර....
කදුළු සලනෙමි....
නොපෙනෙනා ලෙස...
දියණියේ ඔබේ ගත තුරුල් කර...

5 comments:

  1. "කදුළු සලනෙමි....
    නොපෙනෙනා ලෙස..." රුවත් ඊටම ගැලපෙන කවත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අසෙනි....

      Delete
  2. බොහෝ දෙන අරැත් නොදන්නා මනුසත් බව ගැන ලීවාට තුතී..

    ReplyDelete
  3. wadagath deyak liyapu eka hondai . . . Supuru ilau nathtuwa. . :P

    ReplyDelete
    Replies
    1. ආයේ ඉලව් ගැන නොලියමි..

      Delete